Friday, September 20News That Matters

ඥානසාර හිමියන්ගේ අභියාචනයේ තීන්දුව පෙබරවාරි 08

සිර දඩුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වනදා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසින් ඒ බව අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට සිර දඬුවමක් නියම කිරීමටයි පියවර ගනු ලැබුවා. එම තීන්දුවට එරෙහිව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා අභියාචනයක් ගොනුකළ අතර එම තීන්දුවයි මෙසේ ප්‍රකාශයට පත්වීමට නියමිත වන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න