Friday, September 20News That Matters

කොලඹ වරායේ රේගු නිලධාරීන් වර්ජනයක

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවය වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර නව පත් කිරීමක් සිදුකර ඇති බවට චෝදනා කරමිනුයි වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

කොළඹ වරායේ මගී සහ අපනයන අංශ හැර අනෙකුත් අංශවල සේවකයින් මෙම වර්ජනයට එක්ව සිටිනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න