රංගන ශිල්පී රයන්ගේ මෝටර් රථයත් අත්අඩංගුවට

පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝවෙන් භාවිත කළ බව කියන මෝටර් රථයක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් 5750 ක් හමුවී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙම රථය හමුවූ මිරිස්ස ප්‍රදේශයේ හෝටලය මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත් වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් සන් ෂයින් සුද්දා නමැත්තාට හෝටලයක් බවයි අනාවරණවී ඇත්තේ.

මෙම රංගන ශිල්පියා අදාළ පාතාල සාමාජිකයා සමග මෙම විදෙස් ගමනට එක්ව ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව මෙම රථය අපරාධ ක්‍රියා සදහා භාවිතා කළේද යන්න සොයා විමර්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න