මරණ දඩුවමට අලුත් කඹයක් ගෙන්වයි

එල්ලුම් ගස සඳහා විදෙස් රටකින් නව කඹයක් ලබා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ දැනට පවතින කඹය ඒ සඳහා සුදුසු නොවන බව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මීට පෙර කළ දැනුම්දීමක් අනුව මෙම පියවර ගත් බවයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය සිංගප්පුරුව / මැලේසියාව / පකිස්ථානය / බංගලාදේශය හෝ ඉන්දියාව යන රටවලින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් අනාවරණ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න