සිසුවෙකු පාසලට ගන්න අල්ලස් ගත් විදුහල්පතිනියක් රිමාන්ඩ්

පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට අල්ලස් ලබාගත් බවට එල්ල වූ ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ ‍විදුහල්පතිනිය ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර ගැනීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ලබාගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේදීයි මෙම විදුහල්පතිනිය අත්අඩංගුවට ගනු ලැබුවේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න