කෙන්යාවෙන් මතුවූ දුර්ලභ දිවියා

අතිශය දුර්ලභ බ්ලැක් පැන්තර් වර්ගයේ (කළු දිවියකු ) කෙන්යාවේ වනාන්තරයකදී ජායාරූප ගත කර තිබෙනවා.
වසර සියයක් ඇතුළත අප්‍රිකාවේ ජීවත් වන කළු පැහැති දිවියෙකුගේ ඡායාරූපයක් ලබා ගත් පළමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.
විල් බුරාද්-ලූකස් නම් ජායාරූප ශිල්පියා දින කිහිපයක් පුරා වනාන්තරයක කැමරාවක් සවිකර සිදුකළ විමර්ෂණයකදී මෙම සත්ත්වයා දැකගත හැකිව තිබුණා.
මෙම සත්ත්වයාද සාමාන්‍ය දිවියකු වුවද සිරුරේ මෙලනින් ප්‍රමාණය වෙනස්වීම මත බ්ලැක් පැන්තර් වර්ගයට අයත් දිවියකු බවට පත්වන බවයි සත්ත්වවේදීන් පවසන්නේ.
මේ එම දුර්ලභ ජායාරූප එකතුවයි.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න