අරුවක්කාලුවට විරෝධය පා පුත්තලමේ හර්තාලයක්

අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.

ඒ අනුව නගරයේ කඩ සාප්පු සියල්ල අද දිනයේදී වසා ඇති බවයි වාර්තාවන්නේ.

මෙම කසළ අංගනය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට බලපෑම් එල්ලවනු ඇති බවට චෝදනා කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මකයි.
පසුගිය දින 3ක කාලය තුල නගරයේ කලු කොඩි ඔසවා පැවැති අතර ඒ අද පැවැත්වෙන හර්තාලයට සහාය පල කරමිනුයි.
කෙසේ වෙතත් මෙම කසල අංගනය හරහා කිසිදු පාරිසරික හානියක් සිදුනොවන බවයි බලධාරීන් අවධාරණය කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න