කාශ්මීරයේදී ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් / 44ක් මරුට

ඉන්දියාවේ කාශ්මීරයේදී සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 44 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

ප්‍රාන්ත ආරක්ෂක නිලධාරීන් 2500ක් පමණ රැගත් බස් රථ පෙළක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර ඒ සදහා මෝටර් රථ බෝම්බයක් උපයෝගී කරගෙන ඇතැයි සදහන්.

ප්‍රහාරක මෝටර් රථයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට වැඩි ප්‍රමාණයක් තිබූ බවටයි සැක පළ කෙරෙන්නේ. මෙම ප්‍රහාරයෙන් ඉන්දීය දේශසීමා ආරක්ෂකයින් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.
පකිස්ථාන ත්‍රස්ත සංවිධානයක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර දැඩි ප්‍රතිචාරයක් ඊට දක්වන බවයි ඉන්දියාව අවධාරණය කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න