මන්නාරම සමූහ මිනීවලේ අස්ථිවල කාලනිර්ණ වාර්තා ලැබෙයි

මන්නාරම සමූහ මිනීවලේ අස්ථි සාම්පල පහක කාබන් කාලනිර්ණ වාර්තාව මෙරටට හිමිව තිබෙනවා.

මන්නාරම අධිකරණ විශේෂඥ වෛද්‍ය  සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රාත්‍රියේ (15) එම වාර්තාව ලැබුණු බවයි.

අදාළ කාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නමුත් මන්නාරම සමූහ මිනීවලේ මෑතක අස්ථි කොටස් ඇතැයි කාබන් පරීක්ෂාවේදී තහවුරු වුවහොත් අතුරුදන්වූවන් ඥාතීන් ඩී.එන්.ඒ. පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් සිදුකිරීමටයි නියමිත වන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න