ඉන්දීය නියමුවා හෙට යළි භාරදෙනවා / පකිස්ථානය කියයි

පකිස්ථානය විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ප්‍රහාරක යානා නියමුවා හෙට දිනයේදී යළි ඉන්දියාවට භාරදීමට සූදානම් බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ දෙරට අතර පවතින අර්බුධය සාකච්ජා මාර්ගයෙන් විසදා ගැනීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

මේ පිළිබද අදහස් දක්වමින් පකිස්ථාන විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙම නියමුවා ලබාදීම වෙනුවෙන් ඉන්දියාව නම්‍යශීලීව පකිස්ථානයේ ඉල්ලීම්වලට එකග විය යුතු බවයි.

එහෙත් ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය පවසන්නේ නියමුවා ඉතා ඉක්මනින් ආරක්ෂිතව සිය රට එවිය යුතු අතර නොඑසේනම් ඒ වෙනුවෙන් ගත හැකි ඕනෑම දැඩි පියවරක් ගන්නා බවයි.

ඒ වෙනුවෙන් පකිස්ථානයේ කිසිදු ඉල්ලීමකට හෝ කොන්දේසියකට එකග නොවන බවද ඉන්දීය විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න