IMF 6 වන ණය වාරිකයත් ශ්‍රී ලංකාවට හිමිවෙයි

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අපේක්ෂා කළ 6 වන ණය වාරිකයද මෙරටට ලබාදීමට එකගතාවය පලකර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි මැනුඑලා ගොරති මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් පසුගිය පෙබරවාරි 14-28 කාලය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් පසුවයි මෙම එකගතාවය ලබාදී ඇත්තේ.

මෙහිදී තුන් අවුරුදු විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සමාලෝචනය සිදුකරන ලද අතර එහිදී ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි මෙම ණය වැඩසටහන තවත් වසරකින් දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළ කර ඇතැයි සදහන්.

ඒ අනුව අමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් මෙරටට ලබාදීමට නියමිතයි.