උසස් පෙළින් මුල්තැනට එන සිසුන්ට විදෙස් සරසවි

උසස් පෙළ විභාගයෙන් දිවයිනේ වැඩිම ලකුණු ලබාගන්නා සිසුන්ට විදෙස් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලැබීම සදහා රජයෙන් නව අරමුදලක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා.
අය වැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව සදහන් කළා.
හාවර්ඩ් /ඔක්ස්ෆර්ඩ්/ එම් අයි ටී සරසවි වලට මේ වසරේදී එවන් සිසුන් 14ක් යොමුකිරීමට නියමිතයි.
ලබන වසරේදී එය 28ක් දක්වා වැඩි කෙරෙන අතර ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම පළමුවැන්නටද එම අවස්ථාව හිමිවනවා.
එම සිසුන් යළි මෙරටට පැමිණ වසර 10ක් රට වෙනුවෙන් සේවය කිරීම අනිවාර්යය වේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න