බදු නිසා වාහන මිල වැඩිවෙන්නේ මෙහෙමයි

අයවැයෙන් හදුන්වාදුන් නව බදු සමග රථවාහන මිල සැලකිය යුතු මට්ටමකින් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.
ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ නව තත්ත්වය තුල වැගන් ආර් රථයක් ලක්ෂ දෙකහමාරකින් , ඇල්ටෝ රථයක් ලක්ෂ එකහමාරකින් , ඇක්වා හා ඇක්සියෝ රථ ලක්ෂ 6කින් , සීඑච් ආර් ප්‍රිමියෝ වැනි රථ ලක්ෂ 7කින් බැගින් වන පරිදි මේ යටතේ මිල වැඩිවන බවයි.
එසේම විදුලි මෝටර් රථ මෙරටට ගෙන්වීම මෙන්ම ඉදිරි වසරේ රටට වාහන ගෙන්වීමද පහත වැටෙනු ඇති බවයි ඔහු කියා සිටියේ. මේ ඊට අදාළ සවිස්තර තොරතුරු එකතුවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න