ඉතියෝපියානු ගුවන් අනතුරින් 157ක් මරුට

ඉතියෝපියානු ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කෙන්යාවේ නයිරෝබි නුවර වෙත පියාසර කරමින් තිබියදී අනතුරට පත්ව තිබෙනවා.

අඩ්ඩීස් අබාබා නුවරින් පිටත්ව මිනිත්තු 6 ක ගතවූ පසු මෙම යානය අනතුරට ලක්ව ඇතැයි සදහන්.

මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිටි බවත් එම ගුවන් මගීන් අවම වශයෙන් රටවල් 35 කින් පමණ පැමිණි අය බවත් සඳහන්.

යානයේ සිටි සියලු දෙනා නතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තහවුරු කෙරුණේ.

මේ අතර අනතුරට පත්වූ යානය Boeing 7-3-7 වර්ගයට අයත් බවත් එය ගුවන්ගත කිරීමට පෙර අවසාන වශයෙන් පෙබරවාරි 04 වන දින සම්පූර්ණ පරීක්ෂාවට ලක් කල බවත් යානයේ ගුවන් නියමුවා අත්දැකීම් බහුල ගුවන් නියමුවෙකු බවත් ඉතියෝපියානු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Tewolde Gebremariam අනාවරණ කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න