ඉන්දී්‍ය සිනමාපට පකිස්ථානයේ තහනම්

පාකිස්ථාන සිනමා ශාලාවල ඉන්දීය චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරිම තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ දෙරට අතර පවතින අර්බුධකාරී තත්ත්වය මතයි.

බොහෝදුරට එය තාවකාලික තීරණයක් විය හැකි බවයි පකිස්ථාන වාර්තා පවසන්නේ. පාකිස්ථාන සටන්කාමීන් ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් කාශ්මීර දේශසීමාවේදී ප‍්‍රහාරයක් එල්ල කළ අතර ඉන්පසුව ඉන්දියාව පාකිස්ථාන ත‍්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කිරිම සහ පාකිස්ථානය ඉන්දිය ජෙට් යානා දෙකක් බිමහෙළීමත් සමගයි අර්බුදය උත්සන්න වුණේ.

එහි තවත් ප‍්‍රතිඑලයක් ලෙස පාකිස්ථානය ඉන්දිය චිත‍්‍රපට ප‍්‍රතික්ෂේප කර ඇති අතර ඉන්දීය ටෙලි නාට්‍යය, චිත‍්‍රපට හෝ වාර්තාමය වැඩසටහන් පාකිස්ථාන රූපවාහිනි ඔස්සේ විකාශය කිරිම වැලැක්වීමට ද සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.