ශ්‍රීලනිපයෙන් ආ දෙදෙනෙක් යළි හැරීමේ සූදානමක ?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට සහය දැක්වීමට එක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු යළි දේශපාලනික තීරණයක් ගැනීමට සූදානමින් පසුවන බව වාර්තාවනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනා දැනටමත් විපක්ෂයේ කණ්ඩායම් සමග සාකච්ජා සිදුකරමින් පවතින බව සදහන්.

ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ දේශපාලන පෙරළියෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්තී‍්‍රවරුන් 05දෙනෙකු ආණ්ඩුවට සහය දැක්වීමට එක්වූ අතර විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, මනූෂ නානායක්කාර, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක යන මහත්වරුන් ඊට ඇතුලත් වුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.