මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනකු මරුට / අයකුට තුවාල

මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මරණයට පත්ව තිබෙනවා.

පොලිසිය සදහන් කළේ නිවසක් ඉදිරිපිට රැදී සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතරොම් සහිත තුවක්කුවකින් වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

මෙම වෙඩි තැබිමෙන් එම නිවස ඉදිරිපිට සිටි බස්රථ හිමිකරුවෙකු හා තවත් තරුණයෙකු මියගොස් ඇති අතර බස්රථ හිමිකරුගේ පුත්‍රයා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මෙම වෙඩි තැබිම පුද්ගලික ආරවුලක් මත සිදුවි ඇති බවයි හෙළිව ඇත්තේ.

වෙඩි තැබිම සිදු කර එක් අයෙකු හදුනා ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට විමර්ශන ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.