දෙවන විශේෂ මහාධිකරණය විවෘතයි

මහා පරිමානයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා.

ඒ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

මෙම අධිකරණය සදහා විනිසුරුවරුන් 03 දෙනෙකු පත් කිරීමට අගවිනිසුරුවරයා කටයුතු කළා.

ඒ අනුව දැනට මහාධිකරණ විනිසුරුවරුන් ලෙස සේවය කරන ආර්.ගුරුසිංහ , අමල්  රණරාජා සහ   ශෂී මහේන්ද්‍රන් යන විනිසුරුවරුන් මෙසේ පත් කර තිබෙනවා. මහා පරිමාන මුදල් වංචා සහ දූෂණ නඩු විසදීම කඩිනම් කිරීම සදහා විශේෂ මහාධිකරණ 03ක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

ඒ අනුව අධිකරණ විධිවිධාන පනත සංශෝධනය කර ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ අනුව මෙම විශේෂ මහාධිකරණ පිහිටුවීමට රජය කටයුතු කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.