විශ්වාස කළ නොහැකි අය සමග සන්ධාන සැකයි / මන්ත්‍රී දිලුම් කියයි – Audio

විශ්වාස කළ නොහැකි පුද්ගලයින් සමග සන්ධානගතවීම කෙතෙක් දුරට සුදුසුදැයි තමන් තුල සැකයක් පවතින බව නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා.
අද පැවැති පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සදහන් කළේ අයවැය දෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් සන්ධානගතවීම හරහා අත්වනු ඇත්දැයි තමන් සැකයෙන් පසුවන බවයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.