පොහොට්ටුව සමග සාකච්ජා සාර්ථකයි / දයාසිරි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති සාකච්ජාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර/ තිලංග සුමතිපාල සහ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු සහභාගිවුණා.
මීට අදාළ වැඩිදුර සාකච්ජා ලබන 21 වැනි දින පැවැත්වීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.