නීති විද්‍යාලයේ නීති ආධාර වැඩසටහන මාර්තු 16 ගාල්ලේදී

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිත්වය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නීති ආධාර වැඩසටහන මෙවර මාර්තු 16 සෙනසුරාදා උදෑසන 9.30 සිට පස්වරු 3.30 දක්වා ගාල්ල මකුළුව ශ්‍රී බුද්ධසිංහාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ග්‍රාමීය ජනතාවට නීති ගැටලු විසදා ගැනීමට සහාය වීමත් සෙසු අයට තම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්වීමටත් මෙම නීති ආධාර සායනය පැවැත්වෙන අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ මඩුල්ලක් විසින් ඕනෑම නීතිමය ගැටලුවකට නොමිලේ නීති උපදෙස් ලබාදීම සිදු කිරීමට නියමිතයි.එමෙන්ම එදිනෙදා ජීවිතයේදී නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් රැසක්ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරෙනවා.

වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතයි.මෙම අවස්ථාවට සහභාගී වන ලෙස නීති ශිෂ්‍ය මානව හිමිකම් ක්‍රියාකාරිත්වය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.