මන්ත්‍රී 225 ම මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කරන්න / රන්ජන් කථානායකට ලියයි

අයවැය විවාදයේ අවසන් දිනයේ පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරික්ෂණයක් සඳහා පෙනී සිටීමට සියළු මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසා දෙන ලෙස රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව අයවැය විවාදයේ අවසන් දිනය වන ලබන අප්‍රේල් මස 05 දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ඔවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන බව තහවුරු කිරීමට අවස්ථාව ලබාදෙන මෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙම ලිපිය මඟින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.