අයවැයෙන් අධ්‍යාපනයට සැලකිල්ලක් නෑ / බිමල් රත්නායක

මෙවර අයවැයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රමාණයත් මුදල් වෙන් කිරීමක් සිදුකර නැතැයි ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වැනි දින විවාදය ආරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා කියා සිටියේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු නිරාකරණය කිරීමට රජය නිසි අවධානයක් යොමුකර නොමැති බවයි.
ඒ අනුව අධ්‍යාපනය කෙරෙහි ප්‍රමාණවත් සැලකිල්ලක් දැක්වීමට අසමත්වූ අයවැයක් ලෙසයි මන්ත්‍රීවරයා 2019 අය වැය නම් හදුන්වාදෙනු ලැබුවේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.