නව හැදුනුම්පත් නිකුත් කිරීම ලක්ෂ 15 පන්නයි

නව සුහුරු හැදුනුම්පත් හදුන්වාදීමෙන් පසු මෙරට ජනගහනයෙන් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයකට එම නව හැදුනුම්පත නිකුත් කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වන බවයි.
විශේෂයෙන් සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින සිසුන් සදහා එම හැදුනුම්පත් කඩිනමින් නිකුත් කරන බවයි වියානි ගුණතිලක මහතා පැවසුවේ.
සුහුරු හැදුනුම්පත් හදුන්වාදෙනු ලැබුවේ පෙර නිකුත් කරන ලද හැදුනුම්පත් ක්‍රමයට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් භාවිතා කරමිනුයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.