නාලක ද සිල්වා යළිත් රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ ලබන 26 වනදා දක්වායි.

නාලක සිල්වා මහතාට එරෙහිව ඇති චෝදනා අධිකරණය හමුවේ සනාථ කිරිමට අවශ්‍ය සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මිනීමැරුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් මුණසිංහ මහතා විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.