ජනපති මෛත්‍රීගේ චෝදනාව සිංගප්පූරුව ප්‍රතික්ෂේප කරයි

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ලබානොදීම පිළිබද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එල්ල කළ චෝදනා සිංගප්පූරු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ.එෆ්.පී පුවත් සේවය වාර්තා කරන්නේ අදාළ උදර්පනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමට ශ්‍රීලංකා රජය අපොහොසත් වී ඇති බැවින් සිංගප්පුරුව විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීම සපුරාලීම සඳහා සිංගප්පුරුවේ නීතියට අනුව වුවමනා තොරතුරු ශ්‍රී ලංකාව විසින් ලබාදී නොමැති බවද එම වාර්තා හෙළි කළා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍යන් වන සිංගප්පුරුව හා ශ්‍රී ලංකාව අතර උදර්පනය සඳහා ප්‍රමාණවත් නීතිරීති පවතින අතර ලන්ඩන් ස්කීම් සම්ප්‍රදාය අනුව උදර්පනය කළ හැකි වරදක් ලෙස සැලකෙන්නේ දෙවසරකට වඩා සිරදඩුවමක් ලැබිය හැකි අපරාධයක් සඳහා අවශ්‍ය පුද්ලයෙකු තවත් රටකින් ඉල්ලා සිටින අවස්ථාවක් වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.