කශේරුකාවක් සහිත ස්වර්ණවාහිනී සේවකයින් සටන දිනයි

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දින 2කට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ, ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ සේවක විරෝධය නිමාවට පත්කර තිබෙනවා.

දැන්වීම හා සේවයෙන් ඉවත් කළ සේවකයින් 15 දෙනා යළි සේවයේ පිහිටුවන බව දැනුම්දීමෙන් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

එහි තවත් එකගතාවයක් වන්නේ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා විසින් වෙනස් කළ ලාංජනය වෙනුවට ස්වර්ණවාහිනී පැරණි ලාංජනය භාවිතයට ගැනීමයි.

මෙම ගැටලුකාරී තත්ත්වය මතුව තිබුණේ ස්වර්ණවාහිනී නාලිකාවේ සේවකයින් ලංකාවේ මාධ්‍ය ආයතනයක පිහිටුවූ මුල්ම වෘත්තීය සමිතිය පිහිටුවීමෙන් පසුවයි.

එය ලංකාවේ විද්‍යුත් මාධ්‍ය තුල මාධ්‍යවේදීන් මුහුණදෙන බලපෑම් හා පීඩනයට එරෙහිව ගත් නිර්භීත පියවරක් වනවා.

මාධ්‍ය ආයතන හිමිකරුවන්ට අවශ්‍ය ලෙස මාධ්‍යවේදීන් කඩේ යැවීමට අදාළව මෙතෙක් කිසිදු විද්‍යුත් මාධ්‍යයක හඩ නැගීමක් සිදුව නොමැති අතර එවන් නැගී සිටීමක් සදහා අවශ්‍ය මගපෙන්වීම හා ධෛර්යයයි ස්වර්ණවාහිනී සේවකයින් විසින් මෙසේ ලබාදී ඇත්තේ.

එම නිර්භීත ක්‍රියාවට දායකවූ ස්වර්ණවාහිනී සමස්ථ සේවක මඩුල්ලට ලංකා ඒ නිවුස් අපගේ ගෞරවය හා සුභාශිංසන.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.