ස්වර්ණවාහිනියේ අදත් නොසන්සුන් තත්ත්වයක්

ස්වර්ණවාහිනී ආයතන පරිශ්‍රයේ අද දිනයේදීත් නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී ඇතිකරගත් එකගතාවයක් අනුව ආයතනයෙන් ඉවත් කළ ප්‍රධාන විධායක නිලධාරීවරයා අද යළි ආයතන පරිශ්‍රයට පැමිණීම මුල් කරගෙනයි.

ඒ අනුව පොලිසියේ මැදිහත්වීමෙන් අදාළ නිලදාරියා එම පරිශ්‍රයෙන් ඉවත් කර තිබෙනවා.
එම ආයතනයේ පාලනාධිකාරියේ ඉල්ලීමක් මත ඔහු යලි සාකච්ජාවක් වෙනුවෙන් එම ස්ථානයට පැමිණ සිටි බව සදහන්.
කෙසේ වෙතත් ස්වර්ණවාහිනී ආයතනයේ සේවකයින් විසින් පිහිටුවා ගන්නා ලද වෘත්තීය සමිතිය පිළිනොගන්නා බවයි එම ආයතනයේ කොටස්කරුවකු වන බෙන් හෝල්ඩිංග්ස් ආයතනය පවසා ඇත්තේ.
කෙසේ වෙතත් සේවකයින් විසින් එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.