5 ශිෂ්‍යත්වය අහෝසි කරනවා / ජනපති කියයි

පහ වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණය ගත් බවයි ජනාධිපතිවරයා පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ,මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය,විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් සදහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත්වීමේ තරගයක් වී ඇති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිවරයා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටළුවක් පවතින බවයි කියා සිටියේ.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත්වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීමේ වගකීම සියළු මැති ඇමතිවරුන් ඇතුලු නියෝජිතයින් වෙත පැවරෙන බවයි.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.