වැගන් ආර් ලංකාවට ගෙන්වීම නවතයි

MH55S Wagon R රථ ඉදිරියේදී මෙරටට ආනයනය නොකිරීමට තීරණය කළ බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පවසනවා.
එය මෙතෙක් සලකනු ලැබුවේ මෙරට තුල වැඩියෙන්ම අලවි වන රථය ලෙසයි.

රේගුවේ වර්ගීකරණ කමිටුව විසින් MH55S Wagon R මෝටර් රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පැවසීම සහ පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම මෙම තීරණයට හේතුවී තිබෙනවා.

මේ හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බවයි දැක්වෙන්නේ.

රුපියල් ලක්ෂ 33කට අලෙවි වන මෙම රථයක් රේගුවේ තීරණයෙන් රුපියල් ලක්ෂ 36-37 කට අලෙවි කිරීමට සිදුවන බවද මෙම තත්ත්වය යටතේ ජනතාවට මෙම වාහනය මිලදී ගැනීමට නොහැකි වන නිසා එම වාහනය ගෙන්වීම නතර කරන බවත් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා සදහන් කළා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.