මාකදුරේ මධූෂ් ලංකාවට පිටුවහල් කිරීමේ සූදානමක්

ඩුබායිහී අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් කණ්ඩායම මෙරටට පිටුවහල් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇති බව වාර්තාවනවා.
ඒ අනුව ගායන ශිල්පී අමල් පෙරේරා ද ඇතුළු මෙම පිරිස අද දිනයේදී මෙරටට පිටුවහල් කරනු ඇති බවටයි වාර්තාවන්නේ.

මේ වන විට ඩුබායි අත් අඩංගුවේ සිටි පිරිසෙන් හයදෙනෙකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා.

පෙබරවාරි 05 වන දින ඩුබායිහීදී පැවැති සාදයක් අතරතුර අත්අඩංගුවට ගත් මෙම පිරිස මාස 2ක් බන්ධනාගාරගත කර රදවා තබා ගැණුනා.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපලේදී පොලිස් අත්අඩංගුවට පත්වනු ඇති බවද අදාළ වාර්තා හෙළිකරනවා.