දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද(31) අළුයම 5.15ට පමණ දිමුත් කරුණාරත්න විසින් පදවන ලද මෝටර් රථය බොරැල්ල කිංසි පාරේදී ත්‍රී රෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේදී දිමුත් බීමත්ව සිට ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.