දිමුත් කරුණාරත්න ඇප මත මුදාහරී/ රියදුරු බලපත්‍රය තහනම්

බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පසුගියදා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහරින ලද දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරුණා.

අලුත් කඩේ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව විභාගයට ගත් අතර ඔහු නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනයට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගන්නා ලෙසද මෙහිදී නියෝග කෙරුණා.

දිමුත් කරුණාරත්නගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව තහනම් කිරිමට අධිකරණය මෙහිදී නියෝග කර තිබෙනවා.

 


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.