මෝදිගේ ඉරණම ලියන ඉන්දීය මහමැතිවරණය ඇරඹෙයි

ඉන්දීය මහා මැතිවරණයේ පළමු අදියරේ ඡන්ද විමසීම අද ආරම්භ වුණා.

අදියර 7කින් සමන්විත මහා මැතිවරණය ලබන මැයි මස 19 වන දා දක්වා පැවැත්වීමට නියමිතයි.

ලබන මස 23 වන දා ඡන්දය ගණන් කිරීම ආරම්භ කරන අතර ආසන 545කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ බහුතරය හිමිකර ගැනීම සඳහා ලබා ගත යුතු ආසන සංඛ්‍යාව 272ක්.

මෙවර ඉන්දීය මහා මැතිවරණය සඳහා ඡන්දය ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 900කට අධිකයි.

එය 2014 වසරේ පැවති ඉන්දීය මහා මැතිවරණයට ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින් සංඛ්‍යාවට වඩා මිලියන 84.3ක ඉහළ යාමක්වීමද විශේෂත්වයක්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.