මෝදිගෙනුත් දින 100 වැඩපිළිවෙලක් – Lanka A News

මෝදිගෙනුත් දින 100 වැඩපිළිවෙලක්

2047 වසර වන විට ඉන්දියාව සංවර්ධිත රටක් බවට පත්කිරීම සදහා දින 100ක සංවර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තීරණය කර තිඛෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ මැතිවරණයෙන් තමන් ජය ලබනු ඇති බැවින් ඒ හරහා සංවර්ධිත රටක් බිහි කිරීමට හැකි බවට මෝදි මහතා අදහස් පල කළ බවයි.

ඉන්දීය මහ මැතිවරණය මේ වන විට ආරම්භ වී ඇති අතර 2019 වසරේ ලෝක් සභාවේ ප්‍රඵිපල මැයි 23වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඉන්දීය අගමැතිවරයාගේ මෙම වැඩසටහන හරහා විරැකියාවට විසදුම් ලබා දීම , දළ දේශීය නිශ්පාදනය 2.5%කින් වර්ධනය කර ගැනීමට අපේක්ෂිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.