ගින්නෙන් Notre Dame දේවස්ථානයේ වහළට බරපතල හානි – Lanka A News

ගින්නෙන් Notre Dame දේවස්ථානයේ වහළට බරපතල හානි

ප්‍රංශයේ ලෝක උරුම Notre Dame දේවස්ථානයේ හටගත් ගින්නෙන් එහි වහලයෙන් 3න් 2ක් විනාශවී ඇතැයි ප්‍රංශ බලධාරීන් නිවේදනය කර තිඛෙනවා.
එහිදී ගිනි නිවීමේ මෙහෙයුම්වලට එක්ව සිටි භටයකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තාවන්නේ.
මේ වන විටත් ගිනි නිවන භටයින් විසින් Notre Dame දේවස්තානයේ පවතින ෙඓතිහාසික කලා කෘති ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතින බව CNN පුවත් සේවය වාර්තා කළා.
කෙසේ වෙතත් මෙම ගින්නෙන් Notre Dame දේවස්ථානයේ ද්විත්ව ඝන්ඨා කුළුණට කිසිදු හානියක් සිදුවී නැහැ.

මේ වන විට ගින්නේ වැඩි කොටසක් පාලනය කර ගැනීමටද ගිනි නිවන භටයින් සමත්ව තිඛෙනවා.
දේවස්ථානයේ පැරණි කලා කෘතීන් රැසක්ද මෙහිදී අවධානමකට ලක්ව ඇති බවයි ප්‍රංශ බලධාරීන් නිවේදනය කළේ.
ලෝක යුද්ධ දෙකකින් පවා විනාශයට පත් නොවූ Notre Dame දේවස්ථානයට මෙම ගින්නෙන් බරපතල හානි සිදුව තිබීම පිළිබද බැතිමතුන් මහත් කනස්සල්ලට පත්ව ඇති බවද සදහන්.
ඒ අනුව දේවස්ථානය ඉදිරිපිට රැස්වූ දහස් ගණනක පිරිසක් ආගමික ප්‍රකාශයන් හා දේව යාඥාවන් සිදුකරමින් පවතිනවා.මේ වන විටත් Notre Dame දේවස්ථානය යලි ගොඩනැගීම පිළිබද අවදානය යොමුව ඇති අතර සිදුව ඇති හානිය යථා තත්ත්වයට පත් කිරීමට ඩොලර් මිලියන 6.8ක් වැය වනු ඇති බවයි ප්‍රකාශ වන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.