ගිනිගත් නොට්‍රඩාම් දේවස්ථානය යළි හදන්න අරමුදලක් – Lanka A News

ගිනිගත් නොට්‍රඩාම් දේවස්ථානය යළි හදන්න අරමුදලක්

ගින්නෙන් බරපතල හානි සිදුවූ ප්‍රංශයේ නොට්‍රඩාම් දේවස්ථානය යළි ගොඩනැගීම සදහා හෙට සිට අරමුදලක් ආරම්භ කිරීමට තීරණය කර තිඛෙනවා.
ඒ ප්‍රංශ ජනාධිපතිවරයා විසින්.
කෙසේ වෙතත් මෙම ප්‍රතිසංස්කරණ සදහා වසර ගණනාවක් ගතවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මේ වන විටත් ප්‍රංශයේ බිලියනපතියකු වන හෙන්රි පිනෝල්ට් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් යුරෝ මිලියන 300ක් ලබාදෙන බවයි නිවේදනය කර ඇත්තේ.
ඊයේ හටගත් ගින්නෙන් නොට්‍රඩාම් දේවස්ථානයේ වහලයට හා මධ්‍ය කුළුණට හානි සිදුවුණා.
එය එහි සිදුකළ ප්‍රතිසංස්කරණවල යම් දෝෂයක් මත ඇතිවූ ගින්නක් බවටයි විශ්වාස කරනු ලබන්නේ.
ගින්න ඇතිවිමට විනාඩි කිහිපයකට පෙර එහි සේවකයින් එම පරිශ්‍රයෙන් ඉවත්ව ගොස් ඇතැයිද මේ වන විටත් හෙළිව තිඛෙනවා.
වසර 850 ක් පැරණි මෙම දේවස්ථානයේ ජේසු තුමන් කුරුසපත් කළ අවස්ථාවේ හිස පැළදූ කටු ඔටුන්නද වන බව ප්‍රකාශවනවා.
එය ගින්නෙන් ඛේරාගෙන තිබුණද තවත් වටිනා පූජනීය වස්තූන් හා පුරාවස්තු ගින්නෙන් විනාශවූ බවයි නිවේදනය කර ඇත්තේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.