පණදෙන 50ට ඔබත් එක්වන්න – Lanka A News

පණදෙන 50ට ඔබත් එක්වන්න

මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර 2ක් ලබා ගැනීම සදහා නවතම මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වනවා.
මීට පෙර කදීජා පදනම හරහා මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලට ගැනීම සඳහා රුපියල් කෝටි විසි පහක මුදලක් එක්රැස් කෙරුණු අතර ඒ සදහා ලාංකිකයන් සිය නොමසුරු පරිත්‍යාගයන් ලබාදී තිබුණා.
මෙවර මිලදී ගැනීමට අවශ්‍ය යන්ත්‍ර දෙකේ වටිනාකම රුපියල් කෝටි 100ක් වන අතර සෑම ලාංකිකයකුම රුපියල් 50කින් දායකවන්නේ නම් එය නිසැක ලෙසම සාර්ථක කරගත හැකි බවයි ප්‍රකාශවන්නේ.

ඔබගේ ආධාරය අපේක්ෂා රෝහලේ ගිණුමට බර කර මෙම සත්ක්‍රියාවට ඔබත් දායක වන්න.

“අපේක්ෂා රෝහල”
ලංකා බැංකුව,මහරගම ශාඛාව.
ගිණුම් අංකය : 71275069


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.