ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කෙරුණා.
ඒ දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුවයි.

හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල් සහ හිටපු උප නායක නිරෝෂන් දික්වැල්ල /හිටපු ආරම්භක පිතිකරුවන් වන ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග දඟ පන්දු යවන්නකු වන අකිල ධනංජය මෙම සංචිතයට ඇතුලත් කර නැහැ.

දඟ පන්දු යවන්නන් වන ජීවන් මෙන්ඩිස් සහ මිලින්ද සිරිවර්ධන සංචිතයට කැඳවා තිඛෙනවා.
මේ ශ්‍රී ලංකා සංචිතයයි.

දිමුත් කරුණාරත්න (නායක), අවිෂ්ක ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, ජෙෆ්රි වැන්ඩසේ සහ ජීවන් මෙන්ඩිස්


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න

Leave a Reply

Your email address will not be published.