එජාපයේ ජනපති අපේක්ෂකයා තේරීම ගැටළුවක් /S M චන්ද්‍රසේන

එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අර්බුධයකට ලක්වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රෙස්න මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍යහමුවකට(19) එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා, ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවට වු ප්‍රකාශනය කර අවසන් බව පැවසු මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරයත් යම්තාක් දුරකට සිදු කරමින් පවතින බවද කියා සිටියා.

මේ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ හා මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු දෙනාගේ සහය ලැබී ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.