කටානේ අවන්හලක තිබූ සැක පාර්සලයක් පුපුරුවයි

කටාන, තිඹිරිගස්කටුවේ අවන්හලක තිබූ සැකකටයුතු පාර්සලයක් ආරක්ෂක අංශ විසින් පුපුරවා හරිනු ලැබ තිඛෙනවා..

පොලීසිය සඳහන් කළේ, අවන්හලක ආසනයක් මත තබා තිබූ මෙම සැකකටයුතු පාර්සලය පිළිබඳව අද පෙරවරුවේ එහි සේවකයින් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය කැඳවා පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා එය ආරක්ෂිතව පුපුරවා හැරීමට පියවර ගත් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා කැඳවා තිඛෙනවා..


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න