ආරක්ෂක ලේකම් හා පොලිස්පතිට ඉල්ලා අස්වෙන්න දන්වයි ?

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතාට සිය ධුරවලින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන්නැයි ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව වාර්තාවනවා.
රජයේ ආරංචි මාර්ග හෙලිකරන්නේ අද පෙරවරුවේ මෙම දැනුම්දීම සිදුව ඇති බවයි.
ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද ජනාධිපතිවරයා මුණ ගැසී ඇති බවද එම වාර්තා අනාවරණ කළා.
ඊයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා කියා සිටියේ පැය 24ක් තුල ආරක්ෂක ප්‍රධානීන්ගේ වෙනසක් සිදුකරන බවයි.

පසුගියදා සිදුවූ පිපිරීම් පිළිබද බුද්ධි තොරතුරු නොතකා හැරීම හා ප්‍රහාර සැහැල්ලුවට ලක්කිරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන්ට දැඩි මහජන අප්‍රසාදයක් එල්ලවී තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න