ආරක්ෂක ලේකම් ලෙස දයා රත්නායක පත්කිරීමේ සූදානමක්

හිටපු හමුදාපති , ජනරාල් දයා රත්නායක මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ මේ වන විට එම ධූරය දරන හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවටයි.
දයා රත්නායක මහතා 2013 වසරේ සිට 2015 වසරේ පෙබරවාරි තෙක් හමුදාපති ධූරය දැරූ අතර ඔහු යුධ හමුදාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ට නිලදාරියෙක්.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න