බළංගොඩ නිවසකින් පාර්ලිමේන්තු අවසර පත්‍ර 6ක් මතුවෙයි

බලන්ගොඩ  කිරිමැටිතැන්න  ප්‍රදේශයේ  නිවසක සිදුකළ හදිසි වැටලීමකදී එහි තිබී පාර්ලිමේන්තු  පිවිසුම් අවසර පත්‍ර 6ක් /පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ දළ සැලස්මක් ,ජංගම දුරකතන දෙකක් සහ සිමි කාඩිපත් දෙකක් සොයාගෙන තිඛෙනවා.

එහි පැවැති කැබ් රථයක් පරීක්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ එහි පිටුපස තට්ටුව මත තවත් තට්ටුවක් රහසිගතව සකස් කර ඇති බවයි.

මෙම භාණ්ඩ සමඟ 27 හැවිරිදි  පුද්ගලයකු  අත්අඩංගුවට  ගෙන ඇති අතර ඔහු කොළඹ  ප්‍රදේශයේ  අවන්හලක  සේවය කර  තිඛෙනවා.
සැකකරු  හෙට (25) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා  හමුවට  ඉදිරිපත්  කිරීමට නියමිතයි.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න