තවත් 16ක් අල්ලයි / ප්‍රහාරයට 76ක් අත්අඩංගුවේ

මෙරට තුල සිදුවූ පිපිරීම්වලට අදාළව මේ වන විට සැකකරුවන් 76 දෙනකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
පොලිසිය සදහන් කළේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුම්වලින් සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ අතර ත්‍රස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ පුද්ගලයෙකු ද වන බවයි.
ෆේස්බුක් ඔස්සේ කළ විමර්ශනයකට අනුව පානදුර උතුර ප්‍රදේශයේදී බණ්ඩාරගම පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
සැකකරු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රධාන කාර්යාලයේ සහකාර රථ වාහන පරීක්ෂකවරයෙකු ලෙස සේවය කර ඇති අතර ඔහු පිළිබද ලද තොරතුරු මතයි අත්අඩංගුවට ගෙන තිබුණේ.
තිරප්පනේ පොලිස් වසමේ ක්‍රියාත්මක මෙහෙයුමකින් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන් සන්තකයේ තිබී රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සහ බෝර 12 වර්ගයේ ගිනිඅවි 2ක් පොලිස් භාරයට ගත් බව සදහන්.
වත්තල ක්‍රියාත්මක මෙහෙයුමකදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ වෝකි ටෝකි යන්ත්‍ර 2ක් සමගයි.
රක්වානේදී සැකකරුවන් 3 ක්, වව්නතිව් සහ මීගලෑවේදී සැකකරුවන් දෙදෙනෙකුත් බැගින් අත්අඩංගුවට ගෙන ඇති අතර
තෙල්දෙණිය/ බලංගොඩ සහ මාතලේ ප්‍රදේශවලදී සැකකරුවෙකු බැගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න