IS පුහුණුව ලැබුූ දෙදෙනෙක් ප්‍රහාරයට සම්බන්ධයි / ද හින්දු

ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ පුහුණුව ලැබූ දෙදනකු සම්බන්ධවී ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තාකර තිඛෙනවා.
මෙරට පරීක්ෂණ අංශ උපුටා දක්වමින් එම පුවත්පත වාර්තා කළේ මෙම ත්‍රස්තයන් ඉරාකය හා සිරියාව යන රටවලදී අයි එස් පුහුනුව ලබා ඇති බවයි.
මෙම ත්‍රස්තයින් ප්‍රහාරය මෙහෙයවූයේද යන්න නිශ්චිත නොවුණද ඔවුන්ගේ දායකත්වය මේ වන විට අනාවරණ වෙමින් පවතින බව සදහන්.
මෙම පිපිරීම් මාලාවේ රහස් රැසක් මේ වන විටත් හෙලිවෙමින් පවතින අතර එහි සම්පූර්ණ තොරතුරු ඉදිරියේදී හෙළිවනු ඇතැයිද එම වාර්තා සදහන් කරනවා.

2450

ආසාදිතයන්

1980

සුවය ලැබූ

459

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :