කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පිවිසුම් මාර්ගය යලි විවෘතයි-Update

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය යළි විවෘත කර තිඛෙනවා.
අද පෙරවරුවේ එම මාර්ගය තාවකාලිකව වසා දැමුණේ සැක සහිත රථයක් පරීක්ෂාවට ලක් කිරීම සදහායි.

කටුනායක ගුවන් තොටුපල ප්‍රධාන පිවිසුම් මාර්ගය වසා දැමේ  (11.10 A.M)

කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ගය මේ වන විට තාවකාලිකව වසා දමා තිඛෙනවා.
ඒ එම පරිශ්‍රයට පැමිණි සැක සහිත මොටර් රථයක් පරීක්ෂාවට ලක් කිරීම සිදුවීම මතයි.
ඒ අනුව තාවකාලිකව එම මාර්ගයට පිවිසීමට රථවාහනවලට අවස්ථාව හිමිවන්නේ නැහැ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න