වසර 5කට පසු මතුවූ IS නායකයා ලංකාව ගැනත් කතා කරලා

මිය යන්නට ඇතැයි හෝ බරපතල තුවාල ලබා සිටින බවට මෙතෙක් විශ්වාස කරනු ලැබූ අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩිගේ ප්‍රකාශයක් සහිත වීඩියෝ පටයක් එම ත්‍රස්ත සංවිධානය විසින් එළිදක්වා තිඛෙනවා.
ඒ වසර 5කට පසුව වීම විශේෂත්වයක්.
මෙම වීඩියෝව මගින් අයි එස් නායකයා ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය හා එහිදී සිදුවූ හානි පිළිබද ත්‍රස්තයන්ට ප්‍රශංසාව පල කළ බවයි සී එන් එන් පුවත් සේවය වාර්තා කරන්නේ.
එසේම අයි එස් සංවිධානය සතුව පැවැති අවසන් ස්ථානය වූ සිරියාවේ බාගුස් නගරය අහිමිවූ බැවින් එම සටන අවසන් බවද ත්‍රස්ත නායකයා පවසා තිඛෙනවා.
ඊශ්‍රායල මැතිවරණයෙන් ඛෙන්ජමින් නෙතන්යාහු ජය ලැබීම හා ඇල්ජීරියානු ජනපති ධුරයෙන් ඉවත්වීම ඇතුළු කරුණු පිළිබදවද ත්‍රස්ත නායකයා මෙහිදී අදහස් දක්වා තිඛෙනවා.

අබු බකර් අල් බැග්ඩෑඩිගේ හිස වෙනුවෙන් අමෙරිකාව ඩොලර් මිලියන 25ක් ගෙවීමට සූදානම් අතර ඔහු අමෙරිකාවට අත්‍යාවශ්‍යම පුද්ගලයකු වනවා.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න