අයි එස් ත්‍රස්තයන්ට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්

අයි එස් ත්‍රස්තයන්ගේ අවසන් බලකොටුව අල්ලාගත් මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් 1800ක් අත්අඩංගුවට ගත් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ එම අනතුරුදායක සිරකරුවන්ට කළ යුත්තේ කවරක්දැයි තමන් මේ වන විට සිතමින් සිටින බවයි.
අයි එස් ත්‍රස්ත නායකයා ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයට තර්ජනාත්මක ප්‍රබල ප්‍රතිචාරයක් දක්වමින් ට්‍රම්ප් මහතා මෙම පණිවිඩය නිකුත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ.

යුරෝපා රටවල් අයි එස් විරෝධී මෙහෙයුමට දක්වන සහාය ප්‍රමාණවත් නොවන බවද තවත් ට්විටර් පණිවිඩයකින් අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඒ අනුව තම රටවලට අයත් අයි එස් ත්‍රස්තයින් භාරගෙන ඔවුන්ට එම රටවලදී දඩුවම්දීමට යුරෝපයේ රටවල් කටයුතු නොකරන්නේ නම් එය යහපත් නොවන බවයි ඔහු සදහන් කරන්නේ.


මෙම පුවතට අදාළව ප්‍රතිචාර දැක්වීමේ අයිතිය ඔබ සතුය. එම ප්‍රතිචාර lankaanews@gmail.com යන ඊ මේල් ලිපිනය වෙත යොමුකරන්න