විදුලිය කප්පාදුවකින් තොරව ලබාදීම පිළිබද සාකච්ජාවක්

දෛනික විදුලිබල අවශ්‍යතාවය කප්පාදුවකින් තොරව සැපයීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිඛෙනවා.

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර එම නිසා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපතිවරයා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

එමෙන්ම දෛනික විදුලි බල අවශ්‍යතාවය අඛණ්ඩව සැපයීම වෙනුවෙන් විකල්ප බලශක්ති උපයෝගිකර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිඛෙනවා.

විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ද මෙම සාකච්ජාවට එක්ව තිඛෙනවා.